සිරියාව තුළ ඇමරිකානු මිලිටරි මෙහෙයුම් ඉරාන-සිරියානු විදේශ අමාත්‍යවරු හෙළා දකිති
2023-08-01 13:31:48
Share with:

සිරියාව තුළ ඇමරිකානු හමුදාවේ මිලිටරි මෙහෙයුම් ඉරාන-සිරියානු විදේශ අමාත්‍යවරු හෙළාදකිති.

ඔවුන් විසින් පවත්වන ලද ඒකාබද්ධ මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කෙරිණ. ඉරාන විදේශ ඇමති Hossein Amir-Abdollahian මහතා තම රටේ නිල සංචාරයක නිරත සිරියානු විදේශ ඇමති Faisal Mekdad මහතා සමග එක් වූ ද්විපාර්ශ්වික හා කලාපීය තත්ත්වය පිළිබඳ හමුවෙන් අනතුරුව එම මාධ්‍ය හමුව පැවැත්විණ.

ඇමරිකාව, සිරියාවේ සිදුකරන මිලිටරි අත්පත් කරගැනීම් එරට නොසන්සුන් තත්ත්වය උග්‍ර කර ඇති අතර, කලාපය වෙනුවෙන් කිසිදු ප්‍රගතියක් ලබා දී නොමැති බව ඉරාන විදේශ ඇමතිවරයා කියා සිටී. ඇමරිකානු හමුදාව කඩිනමින් සිරියාවෙන් ඉවත් වීම කලාපීය ආරක්ෂාවට හා ස්ථායිතාවට හිතකර වනු ඇති බව ද හෙතෙම පවසයි.

තම රට සතු ඛනිජ තෙල් නීතිවිරෝධී ව ප්‍රවාහනය කිරීම, ත්‍රස්තවාදීන්ට සහාය දක්වා ඔවුන් පුහුණු කිරීම ඇතුළු ගණනය කළ නොහැකි තරම් අපරාධ ඇමරිකාව සිරියාවේ සිදු කර ඇති බව එරට විදේශ ඇමතිවරයා පවසයි. තම ජනතාව අඛණ්ඩ ව ඊට විරෝධය දක්වන අතර, ඇමරිකාව එල්ල කරන පීඩාවන්ට හා ආධිපත්‍යයට යටත් නොවන බව ද ඔහු අවධාරණය කර ඇත.


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම