චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ දශක සංවත්සර සැමරුමට චීන ජනපතිගේ විශේෂ නියෝජිතයා එක්වේ
2023-08-01 16:16:15
Share with:

චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ 10 වැනි සංවත්සර උත්සවය පාකිස්ථානයේ ඉස්ලාමාබද් අගනුවර දී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, උප අගමැති He Lifeng මහතා එම උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩය ඉදිරිපත් කර දේශනයක් ද පැවැත්වීය.

චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ සංවර්ධනය ලබා ගත් සක්‍රීය ජයග්‍රහණ අගය කරන බව ජනාධිපති ෂී ජින් පිං මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් පවසා ඇතැයි He Lifeng මහතා එහිදී කීය. ගතවූ දශකය තුළ, සේද මාවතේ ආත්මයට අනුගත වෙමින්, චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ සංවර්ධනය, ඵලදායි ප්‍රතිඵල, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රාහී ප්‍රතිඵල දිනා ගත් අතර එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීමේ සාර්ථක ප්‍රායෝගික ආදර්ශයක් බවට පත් වී තිබේ. අනාගතයේදී චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව, වර්ධනය, ජන ජීවිතය, නවෝත්පාදනය, හරිතකරණය සහ විවෘතභාවය පිළිබඳ වඩා ඉහල මට්ටමක සහයෝගතා යාන්ත්‍රණයක් ලෙසට ගොඩනැගීම සඳහා දෙරට පොදුවේ උත්සාහ කිරීමට අපේක්ෂා කෙරේ. එමගින් නව යුගයේ වඩා සමීප, පොදු ඉරණමක් සහිත චීන-පාකිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කරනු ඇතැයි බලාපො‍රොත්තු වන බව ද  හෙතෙම සඳහන් කළේය.  

දෙරටේ සබඳතා සහ චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව සඳහා උපරිම අවධානය යොමු කළ ෂී ජින් පිං ජනාධිපතිවරයාට මෙන්ම, තම රටට අවංක සහාය දැක්වූ චීන රජයට සහ ජනතාවට හෘදයාංගම ස්තුතිය පුද කිරීමට තමා කැමැත්තෙන් පසු වන බව පාකිස්ථාන අගමැති Muhammad Shehbaz Sharif මහතා එහිදී දේශනයක් කරමින් පැවසීය. චීනයේ සංවර්ධන අත්දැකීම් ආදර්ශයට ගනිමින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා ගැඹුරු කිරීමටත්, ස්වයං ශක්තිමත් මාවත ඔස්යේ දෙරටේ ජනතාවට වඩා යහපත් ජයග්‍රහණ හිමි කර දීමටත් පාකිස්ථානය කැමැත්තෙන් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම