වයඹදිග පකිස්තානයේ සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාර ගනී
2023-08-01 09:41:38
Share with:

පකිස්තානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 54 දෙනෙකු මිය ගොස් තවත් 100 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. වයඹදිග පකිස්ථානයේ Khyber Pakhtunkhwa පළාතේ දේශපාලන රැස්වීමකට එල්ල වූ මෙම ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය හෙවත්  IS සංවිධානය ඊයේ (31) භාර ගෙන තිබේ.

පකිස්තානයේ අතිරේක පොලිස්පති ෂවුකට් අබ්බාස් පැවසුවේ මේ වන විට මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මිය ගිය අයගෙන් අවම වශයෙන් 12 දෙනෙක් වයස අවුරුදු 12 ට අඩු දරුවන් වන බවයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව ද හෙතෙම පැවසීය.

පකිස්ථාන ජනාධිපති අරිෆ් අල්වි සහ අගමැති ෂාබාස් ෂරීෆ් මෙම ප්‍රහාරය හෙළා දකිමින්, සිදු වූ ජීවිත හානි පිළිබඳව දැඩි ශෝකය ප්‍රකාශ කළ අතර, විපතට පත් පවුල්වලට හෘදයාංගම සංවේගය ද පළ කළහ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම