චීන ජනපති ලෝකයට හඳුන්වා දුන් සංවර්ධන මාදිලි පොහොසත් හෙට දවසක් උදාකරනු ඇත
2023-08-01 09:14:16
Share with:

සමස්ත ලෝකයම තිරසර සංවර්ධනය සාක්ෂාත් කළ යුතු බව නිරන්තරයෙන් අවධාරණය කරන නායකයා වත්මන් චීන ජනපති ෂී ජින් පිං මහතා බව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුනිගේ මහතා පවසයි. මුළුමහත් චීන ජාතියේ පුනර්ජීවනය වෙනුවෙන්  කැපවෙමින්, ඒ සඳහා ගත යුතු නිසි පියවර ගනිමින් තම ජනතාව මෙහෙයවන අතරම ලෝකය වෙනුවෙන් ඔහු රැගෙන ආ මාර්ගෝපදේශාත්මක සංකල්ප අතිශය වැදගත් බව ඔහු පෙන්වාදෙයි.

ලෝකය නිරතුරුව අභියෝගයන්ට මුහුණ පාමින් සිටී. ඒවා ලෝක ප්‍රජාව මෙතෙක් අත්විඳි අර්බුදයන්ට වඩා බෙහෙවින් සංකීර්ණ හා බරපතල වී තිබේ. සංවර්ධනය පමණක් නොව, ආහාර අර්බුදය, දේශගුණික විපර්යාස වැනි ඉතා සංකීර්ණ ගෝලීය තත්ත්වයන්ට ලොව රටවල් වෙන් වෙන්ව විසඳුම් සෙවීම කිසිසේත් ප්‍රායෝගික නොවන බව චීන ජනාධිපතිවරයා පෙන්වාදෙන කරුණකි. මෙහිදී ලොව සංවර්ධිත රටවලට පැවරුණු ඉහළ වගකීමක් ඇත.  සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන් සහාය විය යුතු බව  ද ෂී ජින් පිං මහතා බොහෝ අවස්ථාවල අවධාරණය කර තිබේ.

ගෝලීය සංවර්ධන මුලපිරුමෙන් පසු, ෂී ජින් පිං මහතා ගෝලීය ආරක්ෂක මුලපිරුම හඳුන්වා දෙන්නේ කුඩා රටවල් සංවර්ධනය මෙන්ම වෙනත් ඉලක්ක සපුරාගැනීමේ දී මුහුණ පාන අනාරක්ෂිත බව හේතුවෙනි. එහිදී තම රටට ගැලපෙන සංවර්ධන මාවතක් තෝරාගැනීමට මෙන්ම ස්වෛරීත්වය තහවුරු කරගැනීමට ඕනෑම රටකට ඇති අයිතිය ඔහු  අවධාරණය කරයි. ඒ වෙනුවෙන් ඔවුන්ට සහාය වන්නට චීනය නොපැකිළ ඉදිරිපත් වන බව ද නම්මුනිගේ මහතා කියාසිටී. ආසියානු මෙන්ම අප්‍රිකානු කලාපයේ රටවල සංවර්ධනය උදෙසා ලැබෙන චීන සහාය ප්‍රශංසනීය වේ.

අනාගත පරපුර උදෙසා වඩා යහපත් ලොවක් තැනීම වෙනුවෙන්  පුනර්ජනනීය බලශක්ති, හරිත සංවර්ධන ආදී ක්ෂේත්‍ර කෙරෙහි චීන නායකයා දක්වන සංවේදී භාවය ලෝකයේ චිර පැවැත්ම සඳහා සාධනීය බලපෑමක් එල්ල කරනු ඇතැයි යන්න ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුනිගේ මහතාගේ විශ්වාසය යි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම