ඉන්ධන මිල යළි ඉහළට
2023-08-01 15:37:50
Share with:

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ලංකා සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා තිබේ.

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් පහත දමා ඇත. ලංකා සුපිරි ඩීසල් රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර, ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා තිබේ.

මේ අතර, සිපෙට්කෝ සමාගමේ මෙම ඉන්ධන මිලට සමානව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද ඉන්ධන මිල වෙනස් කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම