ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් නැහැ
2023-07-31 14:56:50
Share with:

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට කිසිඳු ඉඩක් නැති බවත්, ත්‍රස්තවාදී ක්‍රියාවලට අනුබල දෙන ඕනෑම ආකාරයක ක්‍රියා සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරන බවත්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සිය තුර්කි සංචාරයේදී තුර්කි ආරක්‍ෂක අමාත්‍ය යාසර් ගුලර් මහතා හමුවූ අවස්ථාවේදීය. තුර්කියේ ෆෙතුල්ලා ගුලේන් කණ්ඩායම් විසින් මෙහෙයවන ලද ෆෙතුල්ලා ත්‍රස්තවාදී සංවිධානය මර්දනය කිරීමට ශ්‍රී ලංකා රජය, විශේෂයෙන් බුද්ධි අංශ ආරක්‍ෂක අංශ දැක්වූ දායකත්වය තුර්කි ආරක්‍ෂක අමාත්‍යවරයා බෙහෙවින් අගය කළේය.

මෙම හමුවේදී දෙරට අතර බහුවිධ වේදිකා තුළ ද්විපාර්ශ්වික සහය තවදුරටත් වැඩිදියුණු කිරීම සහ පවතින සබඳතා ඉහළ නැංවීම සඳහා ඵලදායී සාකච්ඡා පවත්වා ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම