සිරියාවේ නීතිවිරෝධී ලෙස ස්ථානගත කර ඇති ඇමරිකානු භට පිරිස් ඛනිජ තෙල් සොරකම් කර ඇති බවට සිරියාවෙන් ප්‍රකාශයක්
2023-07-31 10:52:10
Share with:

සිරියාවේ නීතිවිරෝධී ලෙස ස්ථානගත කර ඇති ඇමරිකානු භට පිරිස් ඊයේ (30)  ට්‍රක් රථ 45ක් භාවිතා කර ඛනිජ තෙල් සොරකම් කර ඇති බව සිරියානු පුවත් ඒජන්සිය ප්‍රකාශ කළේය. ඊසානදිග සිරියාවේ තෙල් නිධිවලින් සොරකම් කරන ලද ඛනිජ තෙල් තොගයක් ඇමරිකානු හමුදාව, ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරට Mahmoudi නීති විරෝධී හරස් මාර්ගය හරහා ගමන් කර ඇත.

එමෙන්ම සිරියාවේ නීතිවිරෝධී ලෙස ස්ථානගත කර ඇති ඇමරිකානු හමුදා මේ වන විටත් ඊසානදිග සිරියාවේ විශාල ඉඩම් ප්‍රමාණයක් අල්ලාගෙන සිටිති. ඇමරිකානු හමුදාව ප්‍රාදේශීය රාජ්‍ය විරෝධී සන්නද්ධ කණ්ඩායම් සමග සහයෝගයෙන් කටයුතු කර සිරියාවේ සම්පත් නිතර සොරකම් කරමින් සිරියාවේ මානුෂීය ව්‍යසනය බරපතල ලෙස උග්‍ර කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම