එක්සත් ජාතීන්ගේ යෝජනාවක් විකෘති කරමින් ඇමරිකාව නැවතත් ජනමතය රැවටීමේ උත්සාහයක
2023-07-31 20:14:57
Share with:

ඇමරිකාවේ මහජන මන්ත්‍රී මණ්ඩලය මෑතකදී ඊනියා ‘තායිවාන ජාත්‍යන්තර සමගි පනත’ සම්මත කර ඇත. එක්සත් ජාතීන්ගේ 2758 අංක දරණ යෝජනාව, ‘චීන මහජන සමූහාණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චීනය නියෝජනය කරන එකම නිත්‍යානුකූල නියෝජියා’ යැයි පිළිගත්තද තායිවාන ප්‍රදේශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිකත්වය හා චීන මහජන සමූහාණ්ඩුව හා තායිවාන ප්‍රදේශය අතර සම්බන්ධතාවය පිළිබඳව පැහැදිලි නොකළ බව එම පනත සඳහන් කරයි. එවන් කියමනක් එක්සත් ජාතීන්ගේ යෝජනාව විකෘති කිරීමකි. එය තායිවාන ප්‍රශ්නය පිළිබඳව ඇමරිකාව විසින් මෙහෙයවන ලද තවත් ජනමත රැවටීමක් හා එරට විසින් ගොතන ලද ව්‍යාජ ඉතිහාසයේ කොටසක් බව පැහැදිලිය.

චීන මහජන සමූහාණ්ඩුවේ සියළු අයිති යළි ස්ථාපිත කරමින් තායිවාන පාර්ශ්වයේ නිත්‍යානුකූල නොවන නියෝජිතයින් පිටුවහල් කරන බව එක්සත් ජාතීන්ගේ 2758 වැනි අංක දරණ යෝජනාව ප්‍රකාශ කර ඇත. චීන මහජන සමූහාණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චීනය නියෝජනය කරන එකම නිත්‍යානුකූල ආණ්ඩුව වන බවත් ඊනියා ‘චීන දෙකක්’ හා ‘චීනයක් හා තායිවානයක්’ යන ගැටළු නොපවතින බවත් එහි සඳහන්ය. එවන් අර්ථ දැක්වීමෙන් දේශපාලනිකව, නීත්‍යානුකූලව සහ ක්‍රියා පටිපාටි වශයෙන් තායිවාන ප්‍රදේශය ඇතුළු සමස්ත චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු නියෝජිකත්වය පැහැදිලි වී තිබේ.

වඩාත් වැදගත් කරුණක් වන්නේ, ‘කයිරෝ ප්‍රකාශනය’,  ‘Potsdam නිවේදනය’ ඇතුළු ජාත්‍යන්තර ලිපිලේඛන මාලාවකින් තායිවාන ප්‍රදේශය කෙරේ චීනය සතු ස්වාධිපත්‍යය තහවුරු කර තිබීමය. ඇමරිකාව, එවන් වැදගත් ලිපිලේඛනවලට අත්සන් තැබූ පාර්ශ්වයකි. චීනයේ කොටසක් වශයෙන් තායිවාන ප්‍රදේශය හුදෙකලා කර සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් පවා නොමැති බව ඇමරිකාව නොදන්නා දෙයක් නොවේ. එක්සත් ජාතීන්ගේ නව වටයේ මහා සම්මේලනය පැවැත්වීමට පෙර ඊනියා ‘තායිවාන ජාත්‍යන්තර සමගි පනත’සම්මත කිරීම, ඇමරිකාව නූගත්බව මුවාවෙන් සිදු කළ කපටි ක්‍රියාවක් පමණකි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම