ඩෙංගු රෝගීන් නොසිතූ ලෙස ඉහළට
2023-07-31 14:58:43
Share with:

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ දක්වා වාර්තා වී ඇතී රෝගීන්ගෙන් සියයට 50ක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා කියා සිටී. මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක මෙන්ම නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ.

ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම තවදුරටත් පවතින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම