සැබෑ මානූෂීය වටිනාකම් සහ ජනතා අයිතිවාසිකම් කේන්ද්‍ර කර ගත් ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ පාලනය
2023-07-31 14:11:00
Share with:

වසරින් වසර චීනය ආර්ථික, සමාජීය, දේශපාලන සහ ආකල්පමය වශයෙන් දියුණු සංවර්ධනයක් සාක්ෂාත් කර ගනිමින් සිටී. මෙලෙස සෑම අංශයකටම විහිදුණු සංවර්ධනයක් ළඟා කර ගැනීමේදී චීන ජනාධිපතිවරයාගේ නායකත්වය සහ මඟපෙන්වීම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත. එමෙන්ම චීනය තුළ අනුගමනය කෙරෙන විධිමත් පාලන ක්‍රමය සංවර්ධනය මෙන්ම ජනතාවට නිදහස් ජීවන රටාවකට අවැසි පරිසරය නිර්මාණය කර ඇත. එමෙන්ම දියුණු බටහිර රටවලට සාපේක්ෂව ගත් කල චීනයේ ඇති නිදහස් සාමකාමී පරිසරය ඉතා ආකර්ශණීය වන බව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ, ව්‍යාපාර හා සන්නිවේදන අධ්‍යයන පීඨයේ, භාෂා සහ සන්නිවේදන අධ්‍යයන දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය ආචාර්ය දසුනි නයන්තරා ජයරත්න මහත්මිය පැවසුවාය.

සාමුහික හැඟීමෙන් සහ වෙහෙස මහන්සි වී වැඩ කීරිමේ ක්‍රමවේදය චීනය තුළ මුල් බැස ගෙන ඇත. එය චීන ජනාධිපති ෂි ජින්පිං මහතාගේ ද දැක්ම වන අතර එය චීනයේ සාර්ථකත්වයේ ප්‍රධාන අභිප්‍රේරණයයි. එමෙන්ම චීනයේ ශ්‍රම වෙළඳපොල තුළ ඇති භාවිතයන් ඵලදායීතාවය උපරිම කර ගැනීමට හැකි අයුරින් සකස් කර ඇත. එය ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් මෙන්ම නිෂ්පාදනයේ ගුණාත්මකභාවය උපරිම ලෙස ආරක්ෂා කර දී ඇති බව ඇය පෙන්වා දෙයි.

චීන ජාතිකයින්ට මෙන්ම චීනයේ සිටින විදේශිකයින්ට ද ඩිජිටල්, සයිබර් සහ පුද්ගලික වශයෙන් රට අභ්‍යන්තරයේ ඉතා උසස් මට්ටමේ ආරක්ෂාවක් ලබා දී ඇත. එම සුරක්ෂිතභාවය චීනයේ ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට රිසි සේ භුක්ති විඳිමේ නිදහස් පරිසරයක් නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම මෙහිදී චීන ජනාධිපතිවරයා සියලු දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් පූර්ණ ලෙස සුරක්ෂිත කිරීමේ වැදගත්කම අවධාරණය කර  ඇති බව ඇය ප්‍රකාශ කළාය.

වර්තමානයේ චීනය ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සපුරාලමින් ජනතා කේන්ද්‍රීය පාලනයක් ගෙන යයි. එහෙයින් ලෝකයේ මානූෂීය වටිනාකම් සහ අයිතිවාසිකම් සුරකින ප්‍රමුඛ පෙළේ රටක් ලෙස චීනයේ සැබෑ ස්වභාවය හොඳින් හඳුනා ගත යුතුව ඇත. එහිලා චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නායකත්වය සහ මඟපෙන්වීම අගය කළ යුතු බව ද කථිකාචාර්ය ආචාර්ය දසුනි නයන්තරා ජයරත්න මහත්මිය අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම