සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනයට සහල් තොග යොදාගැනීම අත්හිටුවීමේ තීරණයක්
2023-07-31 14:57:43
Share with:

සත්ව ආහාර හා බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. දැනට පවතින දැඩි නියඟය හේතුවෙන් ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟයට මුහුණ දීම සඳහා මේ වනවිට රට තුළ පවතින සහල් තොග ආරක්ෂා කර ගැනීම එහි අරමුණයි.

පසුගිය මහ කන්නයේ වී අස්වැන්නෙන් සකසන ලද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ සත්ව ආහාර නිෂ්පාදන සහ බියර් නිෂ්පාදනය සඳහා යොදා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. විශේෂයෙන් කිරි, බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය පහත වැටීම වළක්වා ගැනීම සඳහා සත්ව ආහාර නිෂ්පාදනයට සහල් යොදා ගැනීමට මීට පෙර රජය තීරණය කර තිබිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම