වයඹදිග පාකිස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 44දෙනෙකු මරුට
2023-07-31 09:22:11
Share with:

වයඹදිග පාකිස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකු පමණ මිය ගොස් පුද්ගලයන් සිය ගණනක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

පාකිස්ථානයේ දේශපාලන පක්ෂයක් වන ඉස්ලාමීය මුනිවරුන්ගේ සංගමය හෙවත් ෆලූර් කණ්ඩායම, එරට Khyber-Pashtun පළාතේ Bajaur ප්‍රදේශයේ පැවැත්වූ පක්ෂ රැලියක් අතරතුර මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බව පාකිස්ථාන Dawn පුවත්පත ඊයේ (30) වාර්තා ‍කළේ ය. මේ වන විට, කිසිදු පුද්ගලයෙක් හෝ සංවිධානයක් මේ පිළිබඳ වගකීම භාර ගෙන නොමැත.

ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ දී, එම සංගමයේ සාමාජිකයන් හා අනුගාමිකයන් 400කට වැඩි පිරිසක් එහි රැස්වී සිටි බව ද වාර්තා වෙයි

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම