නෙළුම් කුළුණ මහජනතාවට විවෘත කළ දින සිට එය නැරඹීමට පැමිණි සංඛ්‍යාව මිලියනය ඉක්මවයි
2023-07-30 17:00:45
Share with:

කොළඹ නෙළුම් කුළුණ මහජනතාවට විවෘත කළ දින සිට එය නැරඹීමට පැමිණි  සංඛ්‍යාව මිලියනය පසු කරයි.

ඒ අනුව මාතලේ, විල්ගමුව ප්‍රදේශයේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක අයෙකු පසුගිය 27වැනිදා නෙළුම් කුළුණ නැරඹීමට පැමිණි මිලියනයේ අමුත්තා බවට පත්වූ බව සීමාසහිත Colombo Lotus Tower Management Company Pvt Ltd සමාගම සදහන් කළේය.

මෙම මිලියනයක අමුත්තා පිළිගනිමින් හා එම විශේෂ අවස්ථාව සමරමින් ඔහුගේ පවුලේ අ‍යට තෑගි වවුචරයක් ලබා දීම සිදු විය.

2022 වසරේ සැප්තැම්බර් 15 වැනිදා සිට කොළඹ නෙළුම් කුළුණ නැරඹීමට පැමිණි මිලියනයක ජනතාව අතර විදේශීය ජාතිකයන් ප්‍රමාණය  22,000කි.

සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා කුළුණ නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කෙරෙන අතර නරඹන්නන්ට රාත්‍රී 10 දක්වා රැඳී සිටීමට අවසර හිමිවෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම