ව්‍යවස්ථානුකූල රජය යළි ස්ථාපිත කරන ලෙසට නයිජර් හමුදා ප්‍රධානීන්ට ඉල්ලීමක්
2023-07-30 16:53:05
Share with:

අප්‍රිකා ලීගයේ සාම හා ආරක්ෂක මණ්ඩලය ඊයේ(29) නිවේදනයක් පළ කරමින් කොන්දේසි විරහිතව හමුදා කඳවුරට ආපසු යන ලෙසත් දින 15ක් තුළ ව්‍යවස්ථානුකූල රජය යළි ස්ථාපිත කරන ලෙසත් නයිජර් හමුදා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. එම නිවේදනයට අනුව නයිජර් ජනාධිපති Mohamed Bazoum හා සෙසු රඳවා ගෙන සිටින පුද්ගලයන් කොන්දේසී විරහතව කඩිනමින් නිදහස් දෙන ලෙසත් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරන‍ ලෙසත්  ඉල්ලා ති‍බේ.

පසුගිය 26 වනදා නයිජර් ජනාධිපති ආරක්ෂක කණ්ඩායමේ ඇතැම් භටයන් Mohamed Bazoum රැඳවුම්භාරයට ගත් අතර ඔහු ජනාධිපති ධූරයෙන් ද නෙරපා තිබේ. එදින රාත්‍රියේ හමුදා නියෝජිතයන් නයිජර් ජාතික රූපවාහිනිය ඔස්සේ මව්රට ආරක්ෂක ජාතික කමිටුව ස්ථාපිත කිරීම හා රාජ්‍ය කටයුතු පාලනය හමුදාව මගින් සිදු කරන බව ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම