රුසියාව යුක්රේනය සමග සාම සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප නොකරන බව පුටින් ජනාධිපතිවරයා පවසයි
2023-07-30 17:31:19
Share with:

යුක්රේනය සමග සාම සාකච්ඡා පැවැත්වීම රුසියාව කිසිවිටක ප්‍රතික්ෂේප කර නැතැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා පවසයි.

දෙවන රුසියානු-අප්‍රිකානු නායක සමුළුව පසුගිය 27 හා 28 යන දිනවල රුසියාවේ St. Petersburg හිදී පැවැත්විණ. එම සමුළුව අවසන් වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය. රුසියාව සමග සාම සාකච්ඡා පැවැත්වීම තහනම් කරමින් යුක්රේනය නීති පනවා ඇත.එහෙත් රුසියාව යුක්රේනය සමග සාම සාකච්ඡා පැවැත්වීම ප්‍රතික්ෂේප නොකරන බව පුටින් ජනාධිපතිවරයා කියා සිටියේ ය. එම සාකච්ඡා ‍දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණීමෙන් පසු පමණක් පැවැත්විය හැකි බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම