අප්‍රිකාව සමග බහුවිධ වෙළඳ,ආයෝජන මෙන්ම මානව සබඳතා පුළුල් කර ගැනීමට රුසියාව අවංකව කැමැත්ත
2023-07-29 16:57:29
Share with:

අප්‍රිකාව සමග බහුවිධ වෙළඳ,ආයෝජන මෙන්ම මානව සබඳතා පුළුල් කර ගැනීමට රුසියාව අවංකව කැමැත්ත දක්වන බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා පවසයි.රුසියා අප්‍රිකා ආර්ථික හා මානුෂීය සංවාදයේ පූර්ණ සැසිය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය. ගෙවීගිය වසර කිහිපය පුරා අප්‍රිකාව කැපීපෙනෙන සංවර්ධනයක් අත්කර ගෙන ඇති බව ‍රුසියා ජනාධිපතිවරයා පැවසීය. පසුගිය වසරේ රුසියා අප්‍රිකා වෙළඳාම ඇමරිකා ඩොලර් බිලියන 18කට ළඟාවී ඇත.ඉදිරි කාලයේ දී දෙපාර්ශ්වය අතර වෙළඳාම තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකිවනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය.අප්‍රිකා රටවලට අඛණ්ඩ ආහාර සැපයුමක් සහතික කිරීමේ අවශ්‍යතාවද රුසියා ජනාධිපතිරවරයා අවධාරණය කළේය.පසුගිය වසරේ රුසියාව අප්‍රිකාවට අපනයනය කළ ධාන්‍ය ප්‍රමාණය ටොන් මිලියන 11.5කි. ගෝලීය ආහාර අර්බුදයක් නිර්මාණය කිරීමට රුසියාව ‍ක්‍රියා කරන බවට චෝදනා කරන අතරම බටහිර රටවල් රුසියාවේ ධාන්‍ය හා පොහොර සැපයුමට බාධා කරන බවද ව්ලැඩ්මීර් පුටින් මහතා පැවසීය. රුසියාව අප්‍රිකා රටවල් වෙත අඛණ්ඩව ධාන්‍ය සැපයිම සිදු කරනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.අන්යෝන්‍ය වෙළදාමේ දී දේශීය මුදල් භාවිතයේ වැදගත්කම පෙන්වා දුන් රුසියා ජනාධිපතිවරයා එමගින් බටහිර විසින් පනවා ඇති සීමාවන් නොතකා අන්තර් දේශසීමා ගෙවීම් සිදු කළ හැකි යැයිද සඳහන් කළේය.

 

 

 

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම