රාජ්‍ය නිලධාරීන්ට සහ පොලීසියට මාර්ගෝපදේශ මාලාවක්
2023-07-29 17:04:11
Share with:

රාජ්‍ය නිලධාරීන්ට සහ පොලීසියට මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.

එමඟින් කොමිෂන් සභාව වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අවම කර ගැනීමට ඇති හැකියාවද හෙතෙම පෙන්වා දී තිබේ.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඇත.

මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත මහජන පැමිණිලි 11,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙන බවත් එම කටයුතු කරගෙන යාමේදී කාර්ය මණ්ඩල හිඟය ගැටලුවක් වී ඇති බවත් ඔවුන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇත.

ඒ අනුව ඊට අදාළ කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම