ඇමරිකාව ආර්ජන්ටිනාවට ගොස් ඊනියා චීන-ඇමරිකා 'අභ්‍යවකාශ තරඟය' උද්දීපනය කිරීමේ සැබෑ හේතු කවරේද?
2023-07-29 21:00:46
Share with:

ඇමරිකානු නාසා ආයතන ප්‍රධානී Bill Nelson පසුගිය 27වැනිදා ආර්ජන්ටිනාවේ සංචාරය නිරත විය. ආර්ජන්ටිනාවේ Buenos Aires අගනුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, ඇමරිකාව සහ චීනය අතර 'අභ්‍යවකාශ තරඟයක්' පවතින බවයි. ඇතැම් විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ, චීන-ආර්ජන්ටිනා අභ්‍යවකාශ සහයෝගීතාවය අවුලුවාලීම සහ කඩාකප්පල් කිරීම සඳහා, Bill Nelson ඊනියා "අභ්‍යවකාශ තරඟය" උද්දීපනය කරන බවයි.

ආර්ජන්ටිනාවේ Neuquén ගැඹුරු අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2017 වසරේ නිල වශයෙන් විවෘත කෙරිණ. එය චීනය සහ ආර්ජන්ටිනාව විසින් අභ්‍යවකාශයේ සාමකාමී සංවර්ධනය සහ භාවිතය සඳහා ඉදිකරන ලද්දක් වන අතර එය ජාත්‍යන්තර ප්‍රජාවට ද විවෘත වේ. චීනය විසින් ආර්ජන්ටිනාවේ ගැඹුරු අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීම පිළිබඳව, ඇමරිකාව දිගින් දිගටම "කනස්සල්ලට පත්ව සිටින" බව ප්‍රකාශ කරන අතර, මෙම ගැඹුරු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හමුදාමය භාවිතයන් ආදිය ඇති බව පවසමින් ඇමරිකාව අඛණ්ඩව අසත්‍ය ප්‍රකාශ  කරමින් සිටී. මේ පිළිබඳ ආර්ජන්ටිනාව 2022 වසරේ මාර්තු මාසයේ පැහැදිලි පිළිතුරක් ලබා දෙමින්, තම රට සහ යුරෝපය මෙන්, Neuquén ගැඹුරු අභ්‍යවකාශ මධ්‍යස්ථානය යනු ආර්ජන්ටිනාව සහ චීනය අතර අභ්‍යවකාශ ගවේෂණය සහ චන්ද්‍රිකා සහයෝගීතාවය සඳහා පහසුකමක් බව පැවසීය. මේ වසරේ මාර්තු මාසයේදී, ඇමරිකාවේ ආර්ජන්ටිනා තානාපතිවරයා ඇමරිකානු රිපබ්ලිකන් පක්ෂයට ලිපියක් යොමු කරමින්, ආර්ජන්ටිනා භූමිය තුළ වෙනත් රටවල හමුදා යටිතල පහසුකම් හෝ මිලිටරි පැවැත්මක් නොමැති බව සඳහන් කළේ ය.

චීනයේ අභ්‍යවකාශ කර්මාන්තයේ  ආරම්භයේ සිටම සාමය පදනම් කර ගන්නක් ලෙසට  අවධාරනය  කෙරිණ.  අභ්‍යවකාශයේ ක්‍රියාත්මක වන චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවලට ඉතිහාසයේ  විවෘත කළ  මෙවැනි ආකාරයේ  ව්‍යාපෘති අතරින් ප්‍රථම අවස්ථාවයි. කිසිම අවලාදයකින් විකෘති කළ නොහැකි අභ්‍යවකාශ ගවේෂණය කිරීමේ චීනයේ මුල් අභිප්‍රාය ඉන් මනාව පැහැදිලිය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම