තාරුණ්‍යයේ ජීවගුණයෙන් වත්මන් ලෝකයේ යුග හා ඓතිහාසික වෙනස්කම් වෙත ප්‍රතිචාර දැක්වීමට හිතකර ආදර්ශ සැපයිය හැකි බව ෂී ජින් පිං මහතා විශ්වාස පළ කරයි
2023-07-29 16:30:17
Share with:

31 වැනි ලෝක විශ්වවිද්‍යාල ගිම්හාන ක්‍රීඩා උළෙල ඊයේ(28) Chengdu නගරයේ ඇරඹිණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමාරම්භක උත්සවයට එක් වූ අතර රටවල් හා ප්‍රදේශ 113ක ක්‍රීඩකාවෝ 6500ක් එම ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටිති. ඊයේ(28) පැවති පිළි ගැනීමේ භෝජන සංග්‍රහයේදී ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ ක්‍රීඩාව ඔස්සේ එකමුතුව ප්‍රවර්ධනය කරමින් ජගත් ප්‍රජාව වෙනුවෙන් නව ජීවයක් ගෙනදී ඒකාබද්ධව ‍ගෝලීය අභියෝග වලට ප්‍රතිචාර දැක්විය යුතු බවයි.

ක්‍රීඩාව, මානවයන් අතර අන්‍යෝන්‍ය අවබෝධ හා මිතුදම ප්‍රවර්ධනය කිරීමේ වැදගත් පාලම් වලින් එකකි. “මිතුදමේ සංදර්ශනය”, ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ප්‍රකාශනය බවට පත්වේ. මිතුදම, සහෝදරත්වය, සාධාරණය, පසුබට නොවීම, එ‍ඩිතර බව, සහයෝගීතාවය හා උත්සාහය යනු ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ මූලධර්මය‍න්ය. එම ප්‍රකාශනය හා මූලධර්මය ඔස්සේ ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලට ජීවගුණය සැපයීම පමණක් නොව වත්මන් ලෝකයේ, යුග හා ඓතිහාසික වෙනස්කම් වෙත ප්‍රතිචාර දැක්වීමට හිතකර ආදර්ශ සැපයිය හැකි බව ෂී ජින් පිං මහතා විශ්වාස පළ කළේය. එකමුතුවෙන් දේශගුණ විපර්යාසය, ආහාර අර්බුදය, ත්‍රස්තවාදය ඇතුළු ගෝලීය අභියෝග වලට ඒකාබද්ධව ‍ප්‍රතිචාර දැක්වීම මගින් සුන්දර අනාගතයක් බිහි කළ හැකි බව හෙතෙම අවධාරණය කළේය. ඉන් හෙතෙම ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම හා මානව සමාජයේ පොදු වටිනාකම යළි පිළිබිඹු වේ.

ලෝකයේ තරුණයන් වෙත ෂී ජින් පිං මහතා ගැඹුරු අපේක්ෂා පළ කළේය. සාධාරණ, වෙනස්කම් පිළිගන්නා මෙන්ම මිත්‍රශීලි දෘෂ්ටි කෝණයෙන් වර්ණවත් ලෝකය හා විවිධ ශිෂ්ටාචාර අවබෝධය හා තරුණ්‍යයේ ජවයෙන් ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනයට තරුණයන් එක්වනු ඇතැයි හෙතෙම අපේක්ෂා පළ කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම