අප්‍රිකා සාම නියෝජිත කණ්ඩායම ඉදිරිපත් කරන ලද රුසියා යුක්රේන අර්බුදය විසඳීමේ සැලැස්ම චීනය ඉදිරිපත් කළ දේශපාලන විසදුම් ඔස්සේ යු‍ක්රේන අර්බුදය විසඳීමේ ස්ථාවරයට ගැලපෙන බව රුසියා ජනාධිපතිවරයා පවසයි
2023-07-29 18:37:30
Share with:

දකුණු අප්‍රිකාව ඇතුළු අප්‍රිකානු රටවල නායකයන් හා නියෝජිතයන්ගෙන් සමන්විත අප්‍රිකා සාම නියෝජිත කණ්ඩායම දෙවැනි රුසියා-අප්‍රිකා සමුළුවට සහභාගීවීමට රුසියාවට පැමිණ ඇත. යුක්රේන අර්බුදය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා හා එම නියෝජිත කණ්ඩායම හමුවී සාකච්ඡා කර තිබේ. අප්‍රිකා සාම නියෝජිත කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද රුසියා යුක්රේන අර්බුදය විසඳීමේ ස්ථාවර 10කින් සමන්විත සාම සැලැස්ම, මීට පෙර චීනය ඉදිරිපත් කළ දේශපාලන විසදුම් ඔස්සේ යු‍ක්රේන අර්බුදය විසඳීමේ ස්ථාවරයට ගැලපෙන බව ව්ලැඩ්මීර් පුටින් මහතා එහිදී පැවසීය. ඇතැම් බටහිර බලවේග විසින් යුක්රේන අර්බුදය ඇති කර තිබේ. යු‍ක්රේනය, රුසියාවේ ආරක්ෂක පදනම හා ලෝකයේ රුසියාවේ ස්ථානයට හානි සිදු වන උපකරණයක් බවට පත් කිරීම වෙනුවෙන් බටහිර බලවේග සෑම ආකාරයෙන්ම වෑයම් කරමින් සිටින බව ව්ලැඩ්මීර් පුටින් මහතා කීය.

යුක්රේන අර්බුදය විසඳීම පිළිබඳව අප්‍රිකාවේ ස්ථාවරය හා චීනය ඇතුළු අනෙකුත් පාර්ශ්ව වල ස්ථාවරයට සමාන බව දකුණු අප්‍රිකානු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා එහිදී පැවසීය. අප්‍රිකාව ඉදිරිපත් කරන සාම සැලැස්ම, සෙසු යෝජනාවන්ට ආදේශකයක් ලෙස නොසැලකිය යුතු ය. එමෙන්ම එය සෙසු රටවල උත්සාහ හා යෝජනා වලට අතිරේකයක් ලෙස සැලකිය යුතු බව චMatamela Cyril Ramaphosa මහතා කීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම