දෙවන කාර්තුවේ ඇමරිකාවේ ආර්ථික වර්ධන අනුපාතය සියයට 2.4ක්
2023-07-28 13:47:15
Share with:

2023 දෙවන කාර්තුවේදී ඇමරිකාවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 2.4ක වාර්ෂික අනුපාතයකින් වර්ධනය වී තිබේ. එය පළමු කාර්තුවේ 2% සිට ඉහළ ගිය ද පාරිභෝගික වියදම් දුර්වල වී ඇති අතර අපනයන ද පහත වැටී ඇත. ඇමරිකානු වාණිජ අමාත්‍යාංශය ඊයේ (27) නිකුත් කළ පළමු පුරෝකථන දත්ත මගින් මේ බව පෙන්නුම් කෙරේ.

ඇමරිකාවේ දේශීය ගැනුම් මිල දර්ශකය දෙවන කාර්තුවේදී සියයට 1.9 කින් ඉහළ ගොස් ඇති අතර එය පළමු කාර්තුවේ සියයට 3.8ක් විය. පුද්ගලික පරිභෝජන වියදම් මිල දර්ශකය සියයට 2.6 කින් ඉහළ ගොස් ඇති අතර එය පළමු කාර්තුවේ දී සියයට 4.1ක් විය. ආහාර සහ ඉන්ධන මිල හැරුණු විට, පුද්ගලික පරිභෝජන වියදම් දර්ශකය දෙවන කාර්තුවේදී සියයට 3.8කින් ඉහළ ගොස් ඇති අතර එය පළමු කාර්තුවේ සියයට 4.9ක් ලෙස සටහන් වූ අගයට වඩා අඩුවීමකි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම