ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමු කෙටුම්පත ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභාවේ අනු කාරක සභාවට
2023-07-28 18:54:40
Share with:

ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුවේ කෙටුම්පත කෙටි, මධ්‍ය හා  දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභාවේ අනු කාරක සභාවට ඉදිරිපත් කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෙටි, මධ්‍යම හා  දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභාවේ අනු කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම සංකල්පීය ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කෙරිණ.

වාරිමාර්ග අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වැවිලි අමාත්‍යාංශය, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය, ඇතුළු විවිධ අමාත්‍යාංශවල ලේකම්වරුන් මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ආහාර හා කෘෂිකර්ම සංවිධානය, නීතිපති දෙපාර්තමේන්තුව හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව එක්ව මෙම සංකල්පීය ප්‍රතිපත්තිය සකස් කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම