පුරන් කුඹුරු අක්කර 11,000ක් වගා කිරීමේ ඉලක්කයක්
2023-07-28 18:57:27
Share with:

2023 වර්ෂය තුළ මෙරට පුරන් කුඹුරුවලින් අක්කර 11,000ක් වගා කිරීමට ඉළක්ක කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර පළාත තුළ අක්කර 1075ක්, මධ්‍යම පළාත අක්කර  682, දකුණු පළාත අක්කර 1700ක්, උතුරු පළාතේ අක්කර 788ක්, වයඹ පළාතේ  අක්කර 388ක්, ඌව පළාතේ බදුල්ල අක්කර 11ක්, හා සබරගමුව අක්කර 1403ක් වශයෙන් වගා කිරීමට සැළසුම් කර තිබේ.

මේ වනවිට රටපුරා පුරන් කුඹුරු අක්කර 40,000කට වැඩි ප්‍රමාණයක් වගා නොකර පවතින අතර ඉන් අක්කර 25,192ක් වී වගාව සඳහා යොදා ගත හැකිව තිබේ.

එමෙන්ම අක්කර 14,124ක් කෙටිකාලීන භෝග සඳහාත් උචිත මට්ටමක පවතී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම