රුසියාව ඇතැම් අප්‍රිකානු රටවලට නොමිලේ ආහාර සපයන බව ප්‍රකාශ කරයි
2023-07-28 11:09:26
Share with:

දෙවන රුසියානු අප්‍රිකානු නායක සමුළුව රුසියාවේ Saint Petersburg නගරයේ පැවැත්වේ.

රුසියාව මෑතකදී අප්‍රිකාවේ ඇතැම් රටවලට නොමිලේ ආහාර සපයන බව එහිදී රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා ප්‍රකාශ කළේය. 27, 28 දෙදින තුළ පැවැත්වෙන සමුළුවට දහයකට වැඩි අප්‍රිකානු රටවල නියෝජිතයෝ සහභාගි වූහ. ආහාර, බලශක්ති, අභ්‍යවකාශ තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනය හා ක්‍රීඩා යනාදී ක්ෂේත්‍ර තුළදී අභියෝගවලට පොදුවේ ප්‍රතිචාර දැක්වීම හා සහයෝගතා පුළුල් කිරීම පිළිබඳව එම සමුළුවේ අවධානය යොමු වී ඇත.

රුසියාව ඉදිරි මාස තුන හතරක් ඇතුලත බර්කිනා ෆාසෝ, සිම්බාබ්වේ, මාලි, සෝමාලියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, එරිත්‍රියාව යන රටවලට ආහාර ටොන් 25 දහසක්-50 දහසක් අතර ප්‍රමාණයක් බැගින් නොමිලේ සැපයීමට හා නොමිලේ ප්‍රවාහනය කිරීමට කටයුතු කරන බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

කළු මුහුදු වරායෙන් කෘෂි නිෂ්පාදිත ප්‍රවාහන ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව යුක්‍රේනය අපනයනය කළ ආහාරවලින් සියයට 70කට වැඩි කොටසක් යුරෝපා සංගම් සාමාජික රටවල් ඇතුළු මැද හා ඉහල ආදායම් ලාභී රටවලට ගලා ගොස් ඇති බව ද ඔහු සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම