පොලී අනුපාත යළි ඉහළ දැමීමට යුරෝපා මහ බැංකුවෙන් තීරණයක්
2023-07-28 14:23:22
Share with:

පොලී අනුපාත යළි ඉහළ දැමීමට යුරෝපා මහ බැංකුව තීරණය කරයි. ඒ අනුව ඊයේ (27) මුදල් ප්‍රතිපත්ති රැස්වීමේදී යුරෝ කලාපයේ ප්‍රධාන පොලී අනුපාත තුනෙහි පදනම් ලකුණු ඒකක 25කින් ඉහළ දැමීමට තීරණය කෙරිණ.

පසුගිය වසරේ ජූලි මාසයේ පොලී අනුපාත ඉහළ දැමීමෙන් පසු යුරෝපා මහ බැංකුව විසින් අඛණ්ඩව නව වතාවක් පොලී අනුපාත ඉහළ නංවා ඇති අතර ඒ සමස්ත පදනම් ලකුණු ඒකක 425කිනි.

යුරෝ කලාපයේ සමහර උද්ධමන දර්ශක දැනට මන්දගාමී වෙමින් පවතින නමුත් උද්ධමන පීඩනය තවමත් ඉහළ මට්ටමක පවතින බව යුරෝපා මහ බැංකුව පවසයි.

ප්‍රධාන වශයෙන් දුර්වල දේශීය ඉල්ලුම හේතුවෙන් යුරෝ කලාපයේ මෑතකාලීන ආර්ථික දැක්ම පිරිහීමට ලක්ව ඇති බව යුරෝපා මහ බැංකු සභාපතිනි Christine Lagarde මහත්මිය අනතුරු ඇඟවීමක් ද කළාය. ඉහළ උද්ධමනය සහ දැඩි මූල්‍යකරණ කොන්දේසි වියදම් පාලනය කර ඇත. නමුත් එය සමස්ත නිෂ්පාදනය මත පීඩනයක් ඇති කරන බවත් ආර්ථිකය කෙටිකාලීනව දුර්වලව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් ඇය පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම