පලස්තීනයේ අත්පත් කර ගත් භූමි‍යේ තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීමට ඵලදායී පියවර ගන්නා ලෙසට චීන‍යෙන් ඉල්ලීමක්
2023-07-28 09:47:52
Share with:

පලස්තීනයේ අත්පත් කර ගත් භූමි‍යේ තත්ත්වය තවදුරටත් උග්‍ර වීම වැළැක්වීම සඳහා ඵලදායී පියවර ගන්නා ලෙසට චීනය ඉල්ලීමක් කරයි. ඊශ්‍රායලය පලස්තීන භූමිය අත්පත් කරගැනීම අඛණ්ඩව සිදු කරන අතර, ඉන් බරපතල ගැටළු මතු වී ඇත. ඒ පිළිබඳව චීනය වැඩි අවධානයක් යොමු කරන බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා ඊයේ (27) ආරක්ෂක මණ්ඩලයේදී පැවසීය. ආරක්ෂක මණ්ඩලය ද එම ප්‍රශ්නය වැදගත් කොට සලකා තත්ත්වය පාලනයෙන් තොර වීම වැළැක්වීමට ඵලදායී ක්‍රියාමාර්ග ගත යුතු බවද ‍හෙතෙම එහිදී සඳහන් කළේය.

මේ වන විට අත්පත් කරගත් පලස්තීන භූමිවල සිටින සිවිල් වැසියන්ට එරෙහිව සිදු කළ ප්‍රචණ්ඩත්වය චීනය දැඩි ලෙස හෙළා දකින බව Zhang Jun මහතා පැවසීය. සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන ලෙසත්, තත්ත්වය තවදුරටත් උත්සන්න කරන ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගවලින් වැළකී සිටින ලෙසත් ඔහු අදාළ පාර්ශ්වවලින් ඉල්ලා සිටියේය. එමෙන්ම භූමිය අත්පත් කර ගත් පාර්ශ්වය අදාළ ජාත්‍යන්තර නීති අනුගමනය කරමින් එහි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු අතර ඔවුන්ගේ දේපලවලට ද කිසිදු හානියක් සිදු නොකළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

ඊශ්‍රායලය එම අත්පත් කරගත් භූමිවල ජනාවාස ඉදි කිරීම ජාත්‍යන්තර නීති හා ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවන් උල්ලංඝනය කිරීමක් වන අතර, ඊශ්‍රායලය එය වහාම නතර කර  “ද්වි-රාජ්‍ය විසඳුම” අනුගමනය කළ යුතු බව Zhang Jun මහතා එහිදී පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම