එක්සත් ජාතීන්ගේ විගණන කමිටුවේ 77 වන නිත්‍ය රැස්වීම පැවැත්වේ
2023-07-27 11:44:56
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විගණන කමිටුවේ 77 වන නිත්‍ය රැස්වීම පසුගිය 25 සහ 26 යන දෙදින පැවැත්විණ. එම කමිටුවේ සභාපති, චීන විගණන කාර්යාලයේ අධ්‍යක්ෂ Hou Kai මහතා එම රැස්වීමේ මුලසුන හෙබවීය.

එහිදී කමිටුවේ සාමාජිකයන් හා එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා අතර සාකච්ඡාවක් ද පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ සංවිධාන‍යේ 2022 මූල්‍ය වර්ෂයට අදාළ විගණනයේදී සොයාගත් ප්‍රධාන ගැටලු, වත්මන් සංවිධානයේ වැදගත් ප්‍රමුඛතා සහ අභියෝග පිළිබඳව ඔවුහු අදහස් හුවමාරු කර ගත්හ.

මානව සාමය සහ සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට ශක්තිමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයක් අවශ්‍ය බවත් Hou Kai මහතා එහිදී අවධාරණය කළේය. කමිටුවේ සාමාජිකයන් සමග සාධාරණ විගණනයකට අවධානය යොමු කරමින් එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බවද හෙතෙම කියාසිටියේය. සංවිධානයේ කළමනාකරණය හා පාලනය වැඩිදියුණු කිරීම සඳහා එම කමිටු‍වෙන් ලබා දෙන වැදගත් දායකත්වය António Guterres මහතා එහිදී අගය කර ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම