රුසියානු- යුක්රේන ධාන්‍ය සහ පොහොර අපනයන කටයුතු යළි ඇරඹීම සඳහා ජගත් සංවිධානය දරන ප්‍රයත්නයට චීනයේ සහාය
2023-07-27 10:18:13
Share with:

රුසියාවේ සහ යුක්රේනයේ ධාන්‍ය සහ පොහොර අපනයන කටයුතු යළි කඩිනමින් ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දරන උත්සාහයට චීනයේ සහාය පළ වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා ආරක්ෂක මණ්ඩලයේ දී ඊයේ (26) මේ බව  පැවසීය.

කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය පිළිබඳ කළු මුහුදු වරාය ගිවිසුම හා රුසියාවේ ධාන්‍ය සහ පොහොර අපනයනය පිළිබඳ අවබෝධතා ගිවිසුම, ගෝලීය ආහාර මිල ස්ථාවර කිරීමේ දී සහ ගෝලීය ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමටත්, විශේෂයෙන්ම වඩාත් අවදානමට ලක් වූ රටවල ආහාර සැපයුම වැඩිකිරීම සඳහාත් වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව Geng Shuang මහතා එහිදී පෙන්වා දුන්නේය. අන්‍යෝන්‍ය ගැටලු විසඳා ගැනීම සඳහා දෙපාර්ශ්වය කඩිනමින් සංවාද හා සාකච්ඡා පවත්වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉල්ලා සිටිය යුතු බව චීනයේ අදහස යි. රුසියාවේ සහ යුක්රේනයේ ධාන්‍ය සහ පොහොර අපනයන ඉක්මණින් ආරම්භ කරවීම ජගත් ප්‍රජාවේ වගකීමක් බව ද Geng Shuang මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම