සයිබර් ආධිපත්‍යයෙන් චීනයට තවත් ප්‍රහාරයක්
2023-07-27 09:54:22
Share with:

චීන ජාතික පරිගණක වෛරස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය සහ 360 සමාගම නිරීක්ෂණය කිරීමේදී, චීනයේ Wuhan භූමිකම්පා අධීක්ෂණ මධ්‍යස්ථානයට කිසියම් ජාලයකින් ප්‍රහාරයක් එල්ල වී ඇති බවක් සොයා ගන්නා ලදී. විශ්ලේෂණයෙන් පසුව, මූලික සාක්ෂිවලින් පෙනී යන්නේ සයිබර් ප්‍රහාරය ඇමරිකාවෙන් පැමිණි බවයි. ප්‍රහාරකයන් රජයේ පසුබිමක් ඇති හැකර් සංවිධාන සහ අපරාධකරුවන් බවද සොයා ගැනේ. චීනයේ Wuhan නගරයේ හදිසි කළමනාකරණ කාර්යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තුව පිළිවෙළින් ප්‍රසිද්ධ ප්‍රකාශනයක් සහ පොලිස් නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව හෙළි කර ඇත.

2022 වසරේදී, චීනයේ වයඹ බහුතාක්ෂණික විශ්ව විද්‍යාලයට විදේශීය හැකර් සංවිධානයක් විසින් පහර දෙන ලදී. එකල විමර්ශන වාර්තාවෙන් හෙළි වූයේ ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA) යටතේ ඇති විශේෂිත ආක්‍රමණ මෙහෙයුම් කාර්යාලය (TAO) විශේෂ ජාල ප්‍රහාරක අවි වර්ග 41ක් අනුක්‍රමිකව භාවිත කර, චීන වයඹ බහුතාක්ෂණික විශ්වවිද්‍යාලයට ප්‍රහාර දහස් ගණනක් දියත් කරමින් මූලික තාක්ෂණික දත්ත තොගයක් සොරකම් කරගත් බවයි.

වයඹ බහුතාක්ෂණික විශ්ව විද්‍යාලය හෝ Wuhan භූමිකම්පා අධීක්ෂණ මධ්‍යස්ථානය වේවා, සියල්ල පැහැදිලිවම සිවිල් පහසුකම්ය. එහෙත් ව්‍යතිරේකයකින් තොරව, ඒවා ඇමරිකානු ජාල නිරීක්ෂණ ඉලක්ක බවට පත් වී ඇත.

වර්තමානයේදී, ලොව පුරා සයිබර් ආරක්ෂණයේ නියැලී සිටින පර්යේෂකයන් මූලික වශයෙන් පෙන්වා දෙන්නේ ඇමරිකාව ගෝලීය සයිබර් අවකාශය තුළ ගොඩනඟා ගැනීමට උත්සාහ කරන්නේ පැහැදිලි අධිපතිවාදී ලක්ෂණ සහිත "පිළිවෙලක්" වන අතර එහි සහචරයින් පවා ඉතිරි නොවනු ඇති බවයි. ඇමරිකාවේ ගෝලීය නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන ඉලක්කය සහ ගොදුර චීනයයි.

චීනය සයිබර් ප්‍රහාර තරයේ හෙළා දකින අතර සයිබර් ආරක්ෂාව පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගනු ඇත. සයිබර් ආධිපත්‍යයට එරෙහි වීමට සහ සයිබර් ප්‍රහාරවලට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්වීමට ලොව පුරා සිටින සාමයට ලැදි ජනතාව ද අත්වැල් බැඳගත යුතුය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම