ප්‍රංශ ජනාධිපතිවරයා හෙට(28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට
2023-07-27 17:35:07
Share with:

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා හෙට(28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. ප්‍රංශ ජනාධිපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකාවට හෙට (28) රාත්‍රියේ පැමිණෙන ප්‍රංශ ජනාධිපතිවරයා අනිද්දා (29) උදෑසන ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතය.

පැපුවා නිව්ගිනියා සහ වනාටු සංචාරය නිමකර නැවත ප්‍රංශය බලා යෑමට පෙර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින කෙටි කාලය තුළ ප්‍රංශ ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමටද අපේක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම