චීනය පොදු ප්‍රතිලාභී සංකල්පයන් ඉදිරිපත් කිරීම කාලෝචිතයි
2023-07-27 14:34:55
Share with:

ගෝලීය සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳ චීනය සිය යෝජනාව ඉදිරිපත් කර තිබේ. ගැටළු සමනය කරමින් සාමය පොදුවේ ගොඩනගා එකමුතුවෙන් සහයෝගතා පැවැත්වීම කේන්ද්‍ර කර ගත් චීනයේ මෙම යෝජනාව සෙසු රටවලට ආදර්ශයක් බව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වාණිජ මණ්ඩල සභාපති බංඩාර දිසානායක මහතා පවසයි. ලොව ඇතැම් රටවල් ඒකපාර්ශ්වවාදය අනුගමනය කිරීමට උත්සාහ දරන අවධියක චීනය පොදු ප්‍රතිලාභී සංකල්පයන් ඉදිරිපත් කිරීම කාලෝචිත මෙන්ම පැසසුම් සහගතය. වත්මන් ලෝකයේ හුදෙකලා ගමනක් නොමැත. පොදු ජයග්‍රහණයන් වෙනුවෙන් එක්ව ගමන් කිරීම ගෝලීය අවිනිශ්චිතතාවන් තුරන් කිරීමට ඇති සුදුසුම ක්‍රියා පිළිවෙත බව ද හෙතෙම කියා සිටී. විවෘතභාවය හා වෙනස්කම් පිළිගනිමින් ඉදිරියට ගමන් කිරීමට චීනය ඉදිරිපත් කරන මෙවැනි ගෝලීය යෝජනා මගින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහායවීමේ චීනයේ අවංක චේතනාව මතුවන බවද බංඩාර දිසානායක මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ඇතුළු බොහෝ යෝජනාවන් මගින් මෙම පොදු ප්‍රතිලාභී ආකල්පය චීනය ගෙනහැර දක්වා තිබේ. එය අවිනිශ්චිත ගෝලීය පරිසරය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල අපේක්ෂාවන් යථාර්තයක් බවට පත්කර ගැනීමට ධනාත්මක බලපෑමක් එල්ල කරන බවද හෙතෙම සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම