දකුණු පැසිෆික් කලාපීය රටවලට සමීපවීමේ ඇමරිකාවේ යටි අරමුණ පැහැදිලි වෙයි
2023-07-27 19:54:39
Share with:

               

              ඊයේ (26) ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken ටොංගා රාජ්‍යයේ නව ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී විය.එදින ම ඇමරිකානු ජාතික ආරක්ෂක ලේකම් Lloyd Austin පැපුවා නිව්ගීනියාවේ සංචාරය කළේ ය. ඇමරිකාවේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනකු එකම දිනයේ වෙන් වෙන් ව දකුණු පැසිෆික් කලාපීය රටවල සංචාරය කිරීම අහම්බයක් නොවේ. එය ඇමරිකාව එම කලාපයේ සිය බලපෑම් ව්‍යාප්ත කිරීමට දරන වෑයමක පිළිබිඹුවක් ලෙස සැලකිය හැකි ය.

               දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව දකුණු පැසිෆික් කලාපය තමන න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ සහ න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කිරීමේ ස්ථානයක් වශයෙන් සැලකීය. සීතල යුධ සමය අවසන් වීමෙන් පසු දකුණු පැසිෆික් කලාපය කිසිදු උපාය මාර්ගික අගයක් නැති කලාපයක් බවට පත් වූ බව ඇමරිකාවේ මතය වී තිබිණ.එහෙත් ගෙවුණු දශකයට වැඩි කාලය තුළ චීනය  දකුණු පැසිෆික් කලාපීය රටවල් සමග තව තවත් සුහද සහ‍යෝගිතාවක් ගොඩ නගා ඇත.එම සහයෝගිතාවෙන් දකුණු පැසිෆික් කලාපීය රටවලට බොහෝ සංවර්ධන අවස්ථා සැලසී තිබේ.මෙය දුටු ඇමරිකාව නොසන්සුන් ‍විය. දකුණු පැසිෆික් කලාපය ‍නොසලකන ආකල්පය වෙනස් කර එම කලාපයට හිතාමතා සමීප වීමට ඇමරිකාව කටයුතු කර ඇත.

              දේශගුණ විපර්යාසයෙන් ඇති වූ අර්බුද නිරාකරණය සහ ආර්ථික වර්ධනය, දකුණු පැසිෆික් කලාපීය රටවල ප්‍රමුඛ අභියෝග වේ.එම රටවලට ඇමරිකානු ඩොලර් කෝටි 81ක පමණ අතිරේක සහනාධාර ලබා දෙන බව ඇමරිකාව පසුගිය සැප්තැම්බර් මස ප්‍රකාශ කළ ද එය කෙතරම් දුරට ක්‍රියාවට නංවා ඇතිද සැක සහිත ය. ඇමරිකාව දකුණු පැසිෆික් කලාපීය රටවලට කෙලෙසින් සමීප වුව ද චීනය එම කලාපයට සම්බන්ධවීමට බාධා කරන එම යටි අරමුණ එහි රටවලට පැහැදිලි ය. චීනය කිසිදු දේශපාලන කොන්දේසියකින් තොරව දකුණු පැසිෆික් කලාපය සමග පවත්වන සහයෝගිතාව එම රටවල පිළිගැනීමට ලක්ව ඇත. සොලමන් දූපත් රාජ්‍යයේ අගමැති Manasseh Sogavare මහතා පැවසූ පරිදි, චීනය සමග පවතින අන්‍යෝන්‍ය යහපත සහිත මිත්‍ර සහයෝගිතාව කිසිවෙකුට නතර කළ නොහැක.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම