නොබැඳි විදේශ ප්‍රතිපත්තියේ ශ්‍රී ලංකාව අඛණ්‍ඩව එල්බ සිටින බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා පවසයි
2023-07-27 17:33:40
Share with:

චීනය සහ ඉන්දියාව සමඟ මෙන්ම කලාපීය සහ ගෝලීය වශයෙන් සියලු රටවල් සමඟ ආර්ථික සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම ජනාධිපතිවරයා ගේ අරමුණ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

ලෝකයේ සියලු රටවල් සමඟ සමීපව කටයුතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සංවර්ධන ප්‍රතිලාභ රැසක් උදාවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මෙම අදහස් පළ කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. ගෝලීය වශයෙන් සියලු රටවල් සමඟ ආර්ථික සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම වෙනුවෙන් ඉදිරියේ දී නිල සංචාර කිහිපයක යෙදීමට සැලසුම් කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම