තුර්කි ජනාධිපති සහ ජ්‍යෙෂ්ඨ චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු අතර හමුවක්
2023-07-27 10:52:31
Share with:

තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan මහතා ඊයේ (26) ජ්‍යෙෂ්ඨ චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී Wang Yi මහතා හමුවී විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත. තුර්කිය එකම චීනය මූලධර්මය පිළිගන්නා අතර චීනයේ සංවර්ධනය කිසිවිටක තර්ජනයක් ලෙස නොසලකන බව ද එහිදී ඔහු අවධාරණය කළේය.

චීනය සමග ඉහළ මට්ටමේ සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගනිමින්, තුර්කි මධ්‍යම කොරිඩෝවේ මුලපිරීම සහ චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීමට තුර්කිය බලාපොරොත්තු වේ. තුර්කි-චීන සබඳතා නව තලයකට ඔසවා තබමින් වෙළඳාම, බලශක්තිය, සංචාරක, යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව ද හෙතෙම ප්‍රකාශ කර ඇත. 

ආසියා පැසිෆික් කලාපයේ නේටෝ මැදිහත්වීම් සම්බන්ධයෙන් කිසිවිටක සිය රට සහාය නොදක්වන බවත් යුක්රේන අර්බුදය ඇතුළු ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු සම්බන්ධයෙන් චීනය සමඟ සන්නිවේදනය සහ සම්බන්ධීකරණය අඛණ්ඩව පවත්වා ගැනීමට කැමැත්තෙන් සිටින බවත් තුර්කි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

චීනය සහ තුර්කිය මූලික අවශ්‍යතා සම්බන්ධව කිසිදු ගැටුමක් නොමැති අන්‍යෝන්‍ය වශයෙන් පොදු අවශ්‍යතා හුවමාරු කර ගන්නා නැඟී එන වෙළඳපොල ආර්ථිකයක් සහිත සහ ප්‍රධාන සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජිතයන් බව එහිදී Wang Yi මහතා ප්‍රකාශ කළේය.

ජාතික පුනර්ජීවන මාවතේ සහයෝගීව ගමන් කරමින් එකිනෙකාට උපකාර කිරීමටත්, මූලික අවශ්‍යතා පිළිබඳ ගැටලුවලදී එකිනෙකාට සහයෝගය දැක්වීමට සහ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ප්‍රවර්ධනය කිරීමට චීනය බලාපොරොත්තු වේ. එමගින් චීන-තුර්කි උපායමාර්ගික සහයෝගීතාවය නව මානයකට ගෙන ඒමට චීනය තුර්කිය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව ද Wang Yi මහතා පෙන්වා දී ඇත.  

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම