සොබාදහම සහ මිනිසා අතර සහජීවනය තහවුරු වන සංවර්ධනීය යුගයක් කරා ජනතාව මෙහෙයවන චීන ජනපති
2023-07-27 15:01:20
Share with:

සොබාදම් උරුමය සහ මිනිසා අතර සහජීවන පැවැත්ම තහවුරු වන නවීකරණ සංවර්ධන මාවතක් අනුගමනය කිරීම වත්මන් චීන නායක, ජනාධිපති  ෂී ජින් පිං මහතාගේ මගපෙන්වීම් තුළ කැපීපෙනෙන ලක්ෂණයක් බව, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ බාහිර කථිකාචාරිනී,  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවීණ වැඩසටහන් නිෂ්පාදිකා චූලාංගනී හපුහින්න මහත්මිය කියාසිටී. ජනාධිපතිවරයාගේ මෙම දැක්ම මැනැවින් කියාපාන ‘සුන්දර චීනය’සංකල්පයෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට බොහෝ දේ උකහා ගත හැකි බව ද ඇය පෙන්වාදෙයි. 

සංවර්ධනය සාක්ෂාත් කළ යුත්තේ සොබාදහම රැකගනිමිනි. හරිත, අඩු කාබන් හා ප්‍රතිචක්‍රීකරණ ආර්ථීක පද්ධතියක් ගොඩනැගීමේ අවශ්‍යතාව ෂී ජින් පිං මහතා අවධාරණය කරන කරුණකි. එහිදී ස්වාභාවික මෙන්ම පාරිසරික සම්පත් භාවිතය අඩුකිරීමට පියවර ගත යුතු බව ද ඔහු පෙන්වා දී තිබේ. මිහිතලයේ චිර පැවැත්ම උදෙසා මේ හරිත සංවර්ධන ප්‍රතිපත්තිය වර්තමාන ලෝකයේ සෑම රටක්ම අනුගමනය කළ යුතු ය යන්න, පැහැදිලි සත්‍යයක් බව  චූලාංගනී හපුහින්න මහත්මිය කියාසිටී.

වර්තමාන චීනය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනීය යුගයකට පිවිස ඇත්තේ ද චීන නායකයාගේ කාලීන හා තිරසර දැක්ම ඔස්සේ යි. එසේම, නවීන යුගයට ගැලපෙන සංවර්ධන මාදිලි හා සංකල්ප චීනය විසින් සමස්ත ලෝකයටම හඳුන්වා දෙනු ලැබ ඇත. ෂී ජින් පිං මහතා ලොවට ගෙන ආ එක් තීරයක් එක් මාවතක්, ගෝලීය සංවර්ධන මුලපිරුම හා ගෝලීය ආරක්ෂක මුලපිරුම ඒ අතරින් ප්‍රධාන වේ. මේ යටතේ ඇරඹුණු බොහෝ යටිතල පහසුකම් ව්‍යාපෘති සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රගමනයට බලපා ඇත. ශ්‍රී ලංකාවේ වරාය නගරය මීට මනා නිදසුනකි.

යුගයට ගැලපෙන සේ අනුවර්තනය වෙමින්, චීන ජනාධිපතිවරයාගේ මෙහෙයවීම අනුව පෙරට යන චීනයේ නවීකරණ සංවර්ධන චාරිකාව ලෝක පැවැත්මට සුබවාදී ආකල්ප රැගෙන එන බව ප්‍රවීණ වැඩසටහන් නිෂ්පාදිකා චූලාංගනී හපුහින්න මහත්මිය ගේ විශ්වාසය යි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම