හන්චෝ නුවර දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය
2023-07-26 18:45:15
Share with:

චීනයේ හන්චෝ නුවර දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවෙයි.

ඒ අනුව ක්‍රීඩා 20 ක් සඳහා ක්‍රීඩකයින් 62 ක් සහ ක්‍රීඩිකාවන් 34 දෙනෙක් සඳහා ද, කළමණාකරුවන් 20 ක් සහ පුහුණුකරුවන් 24 දෙනෙකු සඳහා ද, වෛද්‍ය කණ්ඩායමේ 06 ක් ද, ජාතික ඔලිම්පික් කමිටු නිළධාරීන් 07 දෙනෙකුද ඇතුළත්ව මෙවර ආසියානු ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 153 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සදහා අනුමැතිය හිමිව  තිබේ.

පසුගියදා නිමාවට පත්වූ ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් හිමිකර දුන් මෙම කණ්ඩායම සඳහා නම් ඇතුලත්ව නොතිබුණු පුහුණුකරුවන් දෙදෙනෙක්ගේ නම් ද ඇතුළත් කිරීමට අමාත්‍යවරයා විසින් පියවර ගෙන ඇත.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම