ජීවන පිරිවැය වැඩි වෙමින් පවතින බවට බහුතර ඇමරිකානුවෝ විශ්වාස කරති
2023-07-26 15:21:10
Share with:

ජනමත විමසුමකට අනුව ජීවන පිරිවැය වැඩි වෙමින් පවතින බව බහුතර ඇමරිකානුවන් සිතන බව අනාවරණය වේ.

බ්‍රිතාන්‍යයේ වෙළඳපල සැසඳුම් ජාලය මෑතකදී සිදු කළ ජනමත විමසුමකට සම්බන්ධ වූ 80%කට ආසන්න පිරිසක් එය ප්‍රකාශ කර ඇත. එම විමසුමට අනුව, 20%ක පමණ ඇමරිකානුවෝ සිය ඉතුරුම් භාවිත කරමින් බිල් පත් ගෙවමින් සිටිති. 50%කට අධික ඇමරිකානුවෝ ණයවර පත් භාවිතය මගින්  වර්ධනය වෙමින් පවතින ජීවන පිරිවැයට මුහුණ දෙමින් සිටිති. සිල්ලර භාණ්ඩ, විදුලි  සහ ගෑස් ගාස්තු එරටේ පාරිභෝගිකයින්ට දැරීමට සිදුව ඇති ඉහළම ගෘහ වියදම් තුනයි.

‍තවත් විමසුමකට අනුව, සිය රටේ ආර්ථිකය පහත වැටෙමින් පවතින බව 63% ක ඇමරිකානුවෝ විශ්වාස කරති. වත්මන් උද්ධමන මට්ටම අඩු වී ඇතත්, එය යළි  වර්ධනය වනු  ඇතැයි 73% ක ඇමරිකානුවෝ විශ්වාස කරති.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම