ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 වසරේ ලෝක ආර්ථික වර්ධන අපේක්ෂාව ඉහළ නංවයි
2023-07-26 10:21:27
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ(25) නිකුත් කළ“ලෝක ආර්ථික දැක්ම වාර්තාව”මගින් ලෝක ආර්ථික වර්ධන අපේක්ෂාව 3.0% දක්වා ඉහළ නංවා තිබේ. එම අනුපාතය ඉකුත් අප්‍රේල් මාසයේ පුරෝකථනයට වඩා 0.2%කින් වර්ධනය වනු ඇත.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්වාසය ලෝක ආර්ථිකය බහුවිධ අවාසි සහගත අවදානම් වලට මුහුණ දෙන බවයි.

එම වාර්තාවට අනුව, සංවර්ධිත ආර්ථිකයන්හි වර්ධනය සැලකිය යුතු ලෙස මන්දගාමී වේ. එම ආර්ථිකයන්හි වර්ධන වේගය 2022 වසරේ 2.7% සිට 2023 වසරේ 1.5% දක්වා පහත වැටේ. ඇමරිකාවේ 2023දී ආර්ථික වර්ධන අපේක්ෂාව 1.8% වන අතර 2024 වසරේ එය 1.0% දක්වා පහත වැටෙනු ඇත. යුරෝ කලාපයේ ආර්ථික වර්ධනය මේ වසරේ 0.9% ක් සහ ලබන වසරේ 1.5% ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නැගී එන වෙළඳපොළවල් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් ස්ථාවර ප්‍රකෘති වේගයක් පවත්වා ගෙන යනු ඇති අතර 2023 දී 4.0% ක වර්ධනයක් සාක්ෂාත් වනු ඇති බවට IMF බලාපොරොත්තු පළ කරයි. 2023 දී චීනයේ ආර්ථික වර්ධන වේගය 5.2% ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම