13 වන බ්‍රික්ස් රටවල ජාතිකාරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ රැස්වීමේදී චීනයෙන් වැදගත් යෝජනා රැසක්
2023-07-26 09:38:37
Share with:

13 වන බ්‍රික්ස් රටවල ජාතිකාරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ රැස්වීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු කමිටු කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතා සහභාගි වේ.

එම රැස්වීම ඊයේ(25) දකුණු අප්‍රිකාවේ Johannesburg හි පැවැත්විණ. ගෝලීය ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දෙමින් ආරක්ෂක ගැටළු විසඳා ගැනීම සඳහා අන්‍යෝන්‍ය ගරු කිරීම පදනම් ව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා මූලධර්මයන් අනුගමනය කළ යුතු බව වං යී මහතා එහිදී පැවසීය. එකිනෙකාගේ නීත්‍යානුකූල ආරක්ෂක අවශ්‍යතාවලට ගරු කළ යුතු වන අතර ඒ ඒ රටවල සිය දේශපාලන පද්ධති සහ සංවර්ධන මාර්ග තෝරා ගැනීමේ අයිතියට ගරු කළ යුතු බව ඔහු කීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් බහුපාර්ශ්වික පද්ධතිය සහතික කරමින් ඒකපාර්ශ්විකවාදයට සහ අධිපතිවාදී ක්‍රියාවන්ට විරුද්ධ විය යුතුය. සංවාදය මගින් ගැටළු විසඳා ගනිමින් සාකච්ඡාව හරහා මතභේදයන් අවම කිරීමේ වැදගත්කම හෙතෙම අවධාරණය කළේය.සිය රටේ ජාතිකාරක්‍ෂාව පොදු ආරක්‍ෂාවට ඒකාබද්ධ කරමින් පොදු ජයග්‍රහණ ලබා ගත හැකි සහයෝගීතාවයේ සංකල්පය අනුගමනය කළ යුතුය. එමගින් එකපාර්ශ්වයකට පමණක් වාසි ලැබිය හැකි වීමේ සංකල්පය මත තරග ඇති කිරීම සහ සීතල යුද්ධ චින්තනයෙන් ක්‍රියා කිරීමට විරුද්ධ විය යුතු බවද වං යී මහතා පැවසීය.

බ්‍රික්ස් රටවල් හවුල්කරුවන් සමඟ චීනය ඒ ඒ රටවල සිය ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා දැරූ උත්සාහයට අනුබල දෙනු ඇත.ජාත්‍යන්තර ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීමේදී වඩා වැඩි ප්‍රායෝගික සහයෝගීතා පවත්වා බ්‍රික්ස් සංවිධානයේ විශාල කාර්යභාරය ලෝකයට පෙන්වීම සඳහා කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව වං යී මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම