දකුණු අප්‍රිකානු ජනපති හා චීන උසස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු අතර දුරකථන සංවාදයක්
2023-07-26 11:07:08
Share with:

 දකුණු අප්‍රිකානු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු පිළිබඳ කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතා සමග දුරකථන සංවාදයක නිරත වේ.

Matamela Cyril Ramaphosa ජනාධිපතිවරයා Johannesburg හි පැවැත්වෙන බ්‍රික්ස් රටවල ජාතිකාරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ රැස්වීමට එක්ව සිටින වං යී මහතා සමග ඊයේ (25) දුරකථන සංවාදයක් පැවැත්වීය. ඒ, එරට වෙනත් නගරයක රැඳීසිටිමිනි.  

මෙම වසර බ්‍රික්ස් රටවල ‘දකුණු අප්‍රිකානු වසර’ බවත් ලබන මාසයේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට චීනය සහාය වන බවත් වං යී මහතා පැවසීය. ජාත්‍යන්තර තත්ත්වයන් කෙසේ වෙනස් වුවද දකුණු අප්‍රිකාව සිය පුනර්ජීවන ප්‍රයත්නයේ දීත්, ජගත් වේදිකාවේ වඩාත් වැදගත් කාර්යභාර ඉටු කිරීමේ දීත් චීනය ස්ථිරව දකුණු අප්‍රිකාව සමග එක්ව සිටින බව ද ඔහු කියාසිටියේය.

තම රට චීනය සමග පවතින සම්බන්ධතාව ඉතා වැදගත් කොට සලකන බවත්, බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට සත්කාරකත්වය දරන දකුණු අප්‍රිකාවට වැදගත් සහයෝගයක් ලබාදෙන චීනයට ස්තුතිය පුද කරන බවත්, Matamela Cyril Ramaphosa ජනාධිපතිවරයා එහිදී පැවසීය. මෙවර සමුළුව මගින් දකුණු අප්‍රිකානු - චීන සම්බන්ධතාව හා අප්‍රිකානු - චීන සම්බන්ධතාවය වඩාත් පුළුල් ප්‍රගතියක් දිනාගැනීම දිරිගැන්විය හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම