ජනාධිපතිවරයා ගේ උපදෙස් මත කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට පියවර
2023-07-26 18:44:30
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත කේෂ්ත්‍රයට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කරමින් කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට පියවර ගන්නා බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඊට අදාළ කෙටුම්පත සකස් කිරීම මෙන්ම ශක්‍යතා අධ්‍යයනය සිදු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එහි මූලික කටයුතු මෙම වසර තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

වැවිලි කේෂ්ත්‍රයේ අගයදාමයන් වැඩි කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට රජය සූදානම් බවත්, එයට අවශ්‍ය තාක්ෂණික දැනුම, මූල්‍ය ප්‍රතිපාදන ඇතුළු සෙසු අවශ්‍යතා සපුරාලීමට අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම