ඉරාන න්‍යෂ්ටික ගිවිසුම බිඳ දැමීම සම්බන්ධයෙන් ඇමරිකාව වගකිව යුතු බව ඉරානය පවසයි
2023-07-25 09:18:00
Share with:

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම කඩකිරීම සහ ඉරානයට ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ඇමරිකානු රජය වගකිව යුතු බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Nasser Kanaani මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (24) පැවති ඇමරිකා - ඉරාන සබඳතා සහ කලාපීය තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවකදීය.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඉවත් වූ පාර්ශවය ඇමරිකාව බවත් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම බිඳ දැමීම සම්බන්ධයෙන් අදාළ වගකීම ඇමරිකාව දැරිය යුතු බවත් Nasser Kanaani මහතා කියාසිටියේය. ඇමරිකාවේ හැසිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම පෙන්වා දුන්නේ කලාපීය සාමය සහ ස්ථාවරත්වය විනාශ කිරීම මෙන්ම බෙදීම් ඇති කිරීම සඳහා ඇමරිකානු රජය විවිධ අසත්‍ය චෝදනා සිදු කරමින් සිය නීතිවිරෝධී අරමුණු සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම