එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ මගින් ගෙන එන ආසියානු සංවර්ධන මොඩලය
2023-07-25 14:21:58
Share with:

දැනට ලෝකයේ ක්‍රියාත්මක දැවැන්තම, අන්තර් මහාද්වීපික සංවර්ධන වැඩසටහන ලෙස “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ (Belt and Road Initiative) හැඳින්විය හැකිය. බහුපාර්ශ්වීය සහයෝගීතාවය සහ සංවර්ධන ප්‍රතිලාභ හුවමාරු කර ගැනීම පිළිබඳ ගෝලිය සංවර්ධන මොඩලයක් මෙමගින් නිරූපනය කර ඇත. එය හුදෙක් තනි රටක් හෝ ව්‍යාපෘතියක් ඉලක්ක කරගත්තක් නොවේ. එය සියලු මහාද්වීප ආවරණය කරමින් ගෝලීය ප්‍රතිලාභ හිමි කර දීමට සමත් ව්‍යාපෘතියක් බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයනාංශයේ කථිකාචාර්ය ආචාර්ය නෙලංග ජයසිංහ මහතා පවසයි. 

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සංකල්පයකට අනුව 2013 වර්ෂයේදී ලොවට හඳුන්වා දුන් මෙම වැඩපිළිවෙළ ගෝලීය සැපයුම් ජාලය ශක්තිමත් කරමින් නිශ්චිත උපායමාර්ගික සැලැස්මක් මත ක්‍රියාත්මක වේ. යටිතල පහසුකම් ඉදිකිරීමෙන් ඔබ්බට ගොස්, අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන, සංස්කෘතික, අධ්‍යාපනික හුවමාරු සහ මාධ්‍ය සහයෝගිතා හුවමාරුව වැනි පුළුල් පරාසයක විහිදුණු  යාන්ත්‍රණයක් මේ තුළ අන්තර්ගතය. එය මෙම සංවර්ධන මොඩලය තුළ ඇති විශේෂත්වයක් බව හෙතෙම පෙන්වා දෙයි. චීන ජනාධිපතිවරයාගේ දැක්ම වනුයේ ද ව්‍යුහාත්මක සංවර්ධනයට මෙන්ම පොදු මානව සහයෝගීතා ප්‍රවර්ධනයට ද වැදගත්කමක් ලබා දිය යුතු බවයි.

මෙම සංවර්ධන ක්‍රියාමාර්ගයේ ප්‍රධාන ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවට ද 2013 වර්ෂයේ සිට මෙම වැඩපිළිවෙළ ඔස්සේ වර්ධනීය මාවතකට අවතීර්ණ වීමට හැකි වී ඇත. මෑතකාලීනව සංචාරක කර්මාන්තයේ වර්ධනයන් විශ්ලේෂණය කර බලන විට චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ මගින් ලැබී ඇති දායකත්වය සංඛ්‍යාත්මකව ද සනාථ කළ හැකිය. අධ්‍යාපනික සංවර්ධනයට ලබා දුන් පිටුබලය ද මෙහිදී වඩාත් සුවිශේෂී බව හෙතෙම ප්‍රකාශ කළේය. 2008 වර්ෂයේ ගෝලීය මූල්‍ය අර්බුදයට අභියෝග කරමින් මෙම වැඩපිළිවෙළ ආරම්භ විය. එමෙන්ම වර්තමාන උද්ධමනකාරී ‍ආර්ථික අවපාතයේ බලපෑම හමුවේ ද මෙය අඛණ්ඩව ක්‍රියාත්මක වීම ‍ගෝලීය සංවර්ධන ජාලයට මහඟු දායකත්වයක් ලබා දෙන බව ආචාර්ය නෙලංග ජයසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.


ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම