අන්තර්ජාලය “විවිධ මල් පිපෙන වත්තක්” මිස “නව යුද පිටියක්”නොවිය යුතු බව චීනය පවසයි
2023-07-25 10:04:44
Share with:

ඩිජිටල් යකඩ තිරයක දිගහැරෙන අන්තර් ජාලය “නව යුද පිටියක්” නොවිය යුතු බව චීනය පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු කමිටු කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතා ඊයේ(24) මේ බව ප්‍රකාශ කළේය. අන්තර් ජාලය විවිධ මල් පිපෙන වත්තක් විය යුතුය.එය ඩිජිටල් යකඩ තිරයක දිගහැරීම සඳහා ගොඩනැ‍ඟෙන“නව යුධ පිටියක්”බවට පත් නොවිය යුතු බව දකුණු අප්‍රිකාවේ Johannesburg හි පැවති බ්‍රික්ස් රටවල ජාතිකාරක්ෂක කටයුතු ජේෂ්ඨ නියෝජිතයන්ගේ රැස්වීමට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

දකුණු අප්‍රිකාවේ ජනාධිපති මණ්දිරයේ අමාත්‍ය Khumbudzo Ntshavheni මහත්මිය ඇතුළු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, ඉරානය යන රටවල නියෝජිතයෝ එම රැස්වීමට සහභාගි වූහ.“සයිබර් ආරක්‍ෂාව සංවර්ධනය වෙමින් පවතින රටවලට අභියෝගයක් වෙමින් පවතී” යන තේමාව එහිදී ගැඹුරු ලෙස සාකච්ඡා කෙරිණ.

පොදු අභියෝගයට මුහුණ දෙන බ්‍රික්ස් රටවල උපාය මාර්ගික සංවාදය තහවුරු කරමින් සහයෝගිතා දිශාව පැහැදිලි කර පොදු ජයග්‍රහණ සහතික කළ යුතු බවද වං යී මහතා ප්‍රකාශ කළේය. සයිබර් ආරක්‍ෂාව සහතික කිරීම සඳහා හෙතෙම යෝජනා 4ක් ඉදිරිපත් කර ඇත.පළමුවැන්න සාධාරණ සහ විධිමත් සයිබර් අවකාශයක් ගොඩනැගීමයි.දෙවැන්න විවෘත සහ තේරුම් ගත හැකි සයිබර් අවකාශයක් ගොඩනැගීමයි.තෙවැන්න ආරක්ෂිත සහ ස්ථාවර සයිබර් අවකාශයක් ගොඩනැගීමයි.හතරවැන්න විචිත්‍රවත් සයිබර් අවකාශයක් ගොඩනැගීමයි.

 නව වෙළෙඳපොළ රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ අදහස් හුවමාරු ශක්තිමත් කර සහයෝගීතාව වර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටී. ගෝලීය සයිබර් පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම ප්‍රවර්ධනය කිරීමට සහ සයිබර් අවකාශයේ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට චීනය අඛණ්ඩව උත්සාහය දරනු ඇති බවද වං යී මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම