අනුරාධපුර පුජා භූමි සංවර්ධන සැලැස්ම කඩිනම් කරන ලෙසට ජනපති ගෙන් උපදෙස්
2023-07-24 16:33:42
Share with:

මහා විහාර සංවර්ධන සැලැස්මට ප්‍රමුඛත්වය දෙමින් අනුරාධපුර පුජා භූමි සංවර්ධන සැලැස්ම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙයි.

මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාලවල විශේෂඥ කණ්ඩායමකගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහා විහාර සංවර්ධන සැලැස්ම සහ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ අනුරාධපුර බෝමළු විහාරයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

මහා විහාර සංකීර්ණයේ සීමාවන් හඳුනා ගැනීම සහ කැණීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ නිලධාරීන්ගෙන් කරුණු විමසූ ජනාධිපතිවරයා මහා විහාරයේ කැණීම් කටයුතුවල හා අනුරාධපුර පුජා භූමි සංවර්ධන කටයුතුවල යොදවා ඇති පුරාවිද්‍යා නිලධාරීන්ගේ සංඛ්‍යාව, එම සංයුතිය සහ වෙන්කර ඇති ප්‍රතිපාදන පිළිබඳව ද විමසා බැලීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම