සුඩානයේ සමස්ත ජනගහණයෙන් අඩකට මානුෂීය ආධාර අවශ්‍ය යි
2023-07-24 13:56:15
Share with:

සන්නද්ධ ගැටුම් අඛණ්ඩව පවතින සුඩානයේ සමස්ත ජනගහණයෙන් අඩක පමණ පිරිසකට මානුෂීය ආධාර අවශ්‍ය ව තිබේ.

පසුගිය අප්‍රේල් මස 15 වැනිදා සිට මේ දක්වා සුඩානයේ සන්නද්ධ ගැටුම් මස 3 කට අධික කාලයක් අඛණ්ඩව පවතී. සුඩාන ජනතාව ආහාර හිඟය, ජලය සහ විදුලිය විසන්ධි කිරීම, වෛද්‍ය ප්‍රතිකාර හා ඖෂධ හිඟය යන තත්ත්වයන් හේතුවෙන් බරපතල අසීරුතාවන්ට මුහුණ පා සිටිති. 

සන්නද්ධ ගැටුම්වලින් රටේ යටිතල පහසුකම්වලට දරුණු හානි සිදුව ඇති අතර ගැටුම් පවතින ප්‍රදේශවල ජලය, විදුලිය හා ස්වාභාවික ගෑස් සැපයුම ද අත්හිටුවා ඇත. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව, ළමුන් මිලියන 13 ක් ඇතුළු එරට මිලියන 24.7 ක ජනගහණයට මානුෂීය ආධාර අවශ්‍ය වන අතර එය සුඩානයේ සමස්ත ජනගහණයෙන් අඩක් පමණ වේ.

මේ වනවිට, ගැටුම් සහිත ප්‍රදේශවල ලක්ෂ 2.3 පමණ ජනතාව වෙනත් රටවලට පලා ගොස් ඇත. ඉන් බහුතර පිරිස ගොස් ඇත්තේ අසල්වැසි චැඩ් රාජ්‍යය වෙත යි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම