නේටෝ සංවිධානයේ ආයුධ සහ කුලී හේවායන් විශාල සංඛ්‍යාවක් රුසියානු-යුක්රේන ගැටුමට සම්බන්ධ බව බෙලරුසියානු ජනාධිපතිවරයා පවසයි
2023-07-24 09:37:20
Share with:

රුසියානු ජනාධිපති Vladimir Putin මහතා රුසියාවේ සංචාරයක නිරත බෙලරුසියානු ජනාධිපති Alexander Lukashenko මහතා හමුවෙයි. එම හමුව ඊයේ (23) රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නගරයේදී සිදුවිය.

එහිදී Vladimir Putin මහතා පැවසුවේ දෙරටේම ආර්ථිකය යහපත් තත්ත්වයක පවතින බවයි. දෙරට අතර “සන්ධාන රාජ්‍යයක්”ගොඩනැගීම සම්බන්ධයෙන් සියලු සැලසුම් පියවරෙන් පියවර ක්‍රියාත්මක වෙමින් පවතින බව හෙතෙම පැවසීය.

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, Alexander Lukashenko මහතා පැවසුවේ වර්තමානයේ නේටෝ සංවිධානයේ ආයුධ සහ කුලී හේවායන් විශාල සංඛ්‍යාවක් ගැටුමට සම්බන්ධ වී ඇති බවයි. එසේම එම සටන දැනට සමස්ත නේටෝ සංවිධානයට එරෙහිව පවතින බවද හෙතෙම පැවසීය. ඒ අතර, යුක්රේනයේ විදේශීය කුලී හේවායන්ට විශාල පාඩු සිදු වූ බවත්, රුසියාව එම විස්තර නොසඟවා ප්‍රකාශයට පත් කරනු ඇති බවත් Vladimir Putin මහතා පවසා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම