කොරියානු අර්ධද්වීපයේ යුදමය ආතතිය අවුළුවාලීම නවතන ලෙස ඉල්ලා දකුණු කොරියාවේ යුද විරෝධී පෙළපාළි
2023-07-23 15:15:37
Share with:

කොරියානු අර්ධද්වීපයේ යුදමය ආතතිය අවුළුවාලීම නවතා දමන්නැයි, දකුණු කොරියාවේ යුද විරෝධී සිවිල් කණ්ඩායමක් ඉල්ලා සිටී.

 "සටන් විරාමයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් කොරියානු අර්ධද්වීපයේ සාම මෙහෙයුම" නමැති දකුණු කොරියානු රාජ්‍ය නොවන සංවිධානයක් ඊයේ (22) සෝල් නගරයේ දී යුද විරෝධී පෙළපාලියක් පැවැත්වීය. දකුණු කොරියාව, ඇමරිකාව සහ ජපානය අතර මිලිටරි සහයෝගිතාව ශක්තිමත් කිරීමට එරෙහිව විරෝධය පළ කළ ඔවුහු, අර්ධද්වීපයේ යුදමය ආතතිය ඇති කිරීම නතර කර සාමකාමී සහජීවනයෙන් සහ ජයග්‍රාහී සහයෝගිතාවයෙන් යුත් ආසියාවක් ගොඩනඟන ලෙස මෙහිදී ඉල්ලා සිටියහ.

"දකුණු කොරියානු-ඇමරිකානු ඒකාබද්ධ යුද අභ්‍යාස නවත්වනු" සහ "සතුරුකම් නවත්වා සාමය කරා ගමන් කරනු" වැනි සටන් පාඨ ලියැවුණු පුවරු පෙළපාලියට එක් කර තිබිණ. සම්බාධක සහ හමුදා තර්ජන වෙනුවට සංවාදයෙන් සහ සහයෝගිතාවයෙන් අර්ධද්වීප ප්‍රශ්නය විසඳා ගන්නා ලෙස ඔවුහු යෝජනා කළහ. එසේම, අවි තරගය නතර කර න්‍යෂ්ටික අවිවලින් තොර කොරියානු අර්ධද්වීපයක් නිර්මාණය කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම