කෙන්යානු ජනපති හා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිෂන් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා අතර හමුවක්
2023-07-23 16:27:56
Share with:

කෙන්යානු ජනාධිපති William Samoei Ruto මහතා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික මෙන්ම එහි විදේශ කටයුතු කොමිෂන් කාර්යාලයේ අධ්‍යක්ෂ Wang Yi මහතා හමුවෙයි. හමුව ඊයේ(22) නයිරෝබි නුවර දී පැවැත්විණ.

කෙන්යානු-චීන පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය තහවුරු කිරීම සඳහා දායක වීමට තම රට සූදානම් බව Ruto මහතා මෙහිදී පැවසීය. චීනය සමග එක්ව ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීම මෙන් ම චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදය යටතේ දුම්රිය සේවා, මහාමාර්ග, ජල සම්පත්, ගුවන් සේවා, පුනර්ජනනීය බලශක්ති ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා වැඩිදියුණු කිරීමට කෙන්යාව සූදානමින් සිටී. චීනය විසින් ඉදිරිපත් කෙරුණු ගෝලීය සංවර්ධන මුලපිරුමට තම රට සක්‍රිය සහායක් දක්වන බව ද Ruto ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කෙන්යාව සමග එක්ව දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 60වැනි සංවත්සරය නිමිති කර ගනිමින් දෙරටේ පුනර්ජීවන උපායමාර්ග සම්බන්ධ කිරීම චීනයේ අපේක්ෂාව බව Wang Yi මහතා මෙහිදී පැවසීය. සංවර්ධනය හා සහයෝගිතා මුල් කර ගනිමින් දෙරට පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය නවයුගයේ දී ඉහළ තලයකට රැගෙන යාමට චීනය සූදානම් බව ද හෙතෙම කියාසිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම