ඉන්දීය සාගර කලාපයේ සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම ජනපතිගේ අපේක්ෂාව බව විදේශ කටයුතු ඇමති කියයි
2023-07-23 15:53:35
Share with:

නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දීය සාගර කලාපය තුළ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා කියාසිටී.

අද ලෝකයේ කිසිදු රටකට තනිව ඉදිරියට යා නොහැකි අතර, ලොව දියුණු සෑම රටක්ම එම ප්‍රගතිය උදාකරගෙන ඇත්තේ කලාප හවුල්කාරිත්වය තුළිනි. ඒ අනුව, අන්‍යොන්‍ය ප්‍රතිලාභ හිමිවන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු – ලංකා සබඳතා වර්ධනය කර  ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා ඉටුකර ගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.

අලි සබ්‍රි මහතා මේ අදහස් පළකළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙදින ඉන්දීය නිල සංචාරය සහ “ඉන්දු -ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම” පිළිබඳව ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

ඉදිරි දශක දෙක, තුනේ දී ලොව සිදුවන ආර්ථික වර්ධනයෙන් 2/3 ක් පමණ සිදුවන්නේ ආසියානු පැසිෆික් කලාපය තුළ යි. එසේම,  එහි නායකත්වය ගනු ලබන්නේ ඉන්දියාව සහ චීනය යන්න විවාදයකින් තොරව ජාත්‍යන්තරයම පිළිගන්නා සත්‍යයක් බවත් අමාත්‍යවරයා පැවසීය. මේ නිසා ඉන්දියානු සාගර කලාපය තුළ තිබෙන මෙම විශාල සංවර්ධන අවකාශයෙන් අප ප්‍රයෝජන ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම